බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ මුම්බායි නිවස දෙසට අද (14) අලුයම වෙඩිතැබීමක් සිදුකර ඇති බව ඉන්දීය පොලීසිය පවසනවා.
නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් අද අළුයම ඔහුගේ නිවසට පැමිණ නිවස දෙසට සහ අහසට වෙඩි තබා එම ස්ථානයෙන් පළාගොත් තිබෙනවා.
ඉන්දීය පොලීසිය පවසන්නේ නිවසේ පිටත බිත්ති වල වෙඩි සලකුණු 5ක් පමණ දක්නට ඇති බවත් සැකකරු සොයා ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මක වන බවයි.
ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය (NIA) පසුගිය වසරේ පවසා ඇත්තේ ප්‍රධාන පෙළේ මැර කල්ලියක ප්‍රධාන ඉලක්ක 10 අතර බොලිවුඩ් නළු සල්මන් ඛාන්ද සිටින බවයි.
පසුගිය වසරේ ඔහුට ලැබුණු තර්ජනාත්මක දුරකථන ඇමතුම් හේතුවෙන් සල්මන් ඛාන්ගේ ආරක්ෂාව තවත් වැඩි කිරීමට මුම්බායි පොලීසිය කටයුතු කර තිබුණා.

