Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොන්ක්‍රීට් ජිරාෆ් කඩා වැටීමෙන් 8 හැවිරිදි දරුවෙක් මිය යයි

3 years ago

කොන්ක්‍රීට්වලින් සාදන ලද ජිරාෆ් සත්ත්වයෙකුගේ පිළිරුවක් කඩා වැටීමෙන් කුඩා දරුවෙකු අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තාවන්නේ හෙට්ටිපොළ, දිග්ගලගෙදර ප්‍රදේශයෙන් වන අතර අනතුරින් මිය ගොස් ඇත්තේ 8 හැවිරිදි පිරිමි දරුවෙකි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ දරුවා කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

මෙලෙස දරුවාගේ සිරුර මතට කඩාවැටී ඇත්තේ එම දරුවාගේ නිවසේ මිදුලේ තබා තිබූ කොන්ක්‍රීට්වලින් සාදන ලද ජිරාෆ්ගේ පිළිරුවක් බව පොලීසිය පවසයි.

හෙට්ටිපොළ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.