Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වෛද්‍යවරයෙකුගෙන් බරපතළ අනාවරණයක්! ජාතික රෝහලේ රෝගීන්ට ලබා දෙන්නේ තත්ත්වයෙන් බාල පුස් බැඳිච්ච ආහාරලු!

3 years ago

කොළඹ ජාතික රෝහලේ
රෝගීන්ට ලබාදෙන වියළි ආහාර සැළකිව යුතු ප්‍රමාණයක් තත්ත්වයෙන් බාල සහ නිසි ප්‍රමිතියෙන් තොර බව නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසනවා.

රෝගීන්ට පමණක් නොව සේවක කාර්ය මණ්ඩලයටද ලබා දෙන ආහාරද මෙසේ ප්‍රමිතියෙන් තොර ඒවා බවයි ඔහු පවසන්නේ.

ලබා දෙන ආහාර බාල සහ පුස් බැඳුණු ඒවා වන අතර ලබා දිය යුත්තේ පරා මාළු වුවත් අදාළ සමාගම රෝහලට ලබා දෙන්නේ එයට සමාන මාළු වර්ගයක් බවයි වෛද්‍යවරයා පවසා සිටියේ.

මෙම ආහාර සපයන කොන්ත්‍රාත් සමාගම, බන්ධනාගාරය, හමුදා කඳවුරු යන රාජ්‍ය ආයතන වලට වියළි ආහාර සපයන බවත් මේ සම්බන්ධව කිහිප විටකදීම අදාළ අංශ දැනුවත් කළද එයින් ප්‍රතිඵල නොලැබුණු බවයි ඔහු පෙන්වා දුන්නේ.

අදාළ සමාගමට වියළි සලාක සඳහා මසකට මිලියන 76ක මුදලක්ද, මාළු සඳහා මිලියන 15ක මුදලක්ද ලබා දෙන බවයි නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා හිරු කළ විමසීමකදී පවසා සිටියේ.