Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ත්‍රීරෝද රථයක් ළිඳකට වැටෙයි! එකම පවුලේ 7ක් රෝහලට!

3 years ago

අද(16) පෙරවරුවේ පොල්ගහවෙල, හොදැල්ල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් අනතුරට ලක් වී තිබෙනවා.

එම අනතුරින් ළමුන් 4 දෙනෙකු ඇතුළු එකම පවුලේ 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඔවුන් ගමන් කළ ත්‍රිරෝද රථය ළිදකට වැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ මව, පියා, මිත්තණිය සහ දරුවන් 04 දෙනෙකු එහි සිටි බවයි වාර්තා වන්නේ.

පොලිසිය සැක පල කරන්නේ රියැදුරුට නින්ද යාම හේතුවෙන් අනතුර සිදු වන්නට ඇති බවටයි.