Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සංගීත කණ්ඩායමක් රැගත් වෑන් රථයක් ඇළකට පෙරළෙයි

3 years ago

සංගීත කණ්ඩායමක් රැගෙන ගමන්කරමින් තිබූ වෑන් රථයක් පොළොන්නරුව ඕනෑගම ප්‍රදේශයේදී ඇළකට පෙරළීයාමෙන් අනතුරක් සිදුව තිබේ.

මෙලෙස අනතුරට ලක් වී ඇත්තේ ‘පොළොන්නරුව ඉෆෙක්ට්’ සංගීත කණ්ඩායමේ සාමාජිකයින් ගමන් කරමින් තිබූ වෑන් රථයයි.

අනතුරින් වෑන් රථයට හානි සිදු වී ඇති අතර සංගීත කණ්ඩායමේ සාමාජිකයින්ට තුවාල සිදු වී නොමැත.

එම සංගීත කණ්ඩායමේම ශිල්පියෙක් වෑන් රථය පදවා ඇති අතර ප්‍රසංග රැසකට සහභාගී වී සිටීම හේතුවෙන් ඇතිවූ දැඩි වෙහෙස සමග ඔහුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවූ බව පොළොන්නරුව ඉෆෙක්ට් සංගීත කණ්ඩායම අද දෙරණට පැවසීය.

සංගීත ප්‍රසංගයක් නිමාකර නැවත පැමිණමින් සිටියදී අද(17) අලුයම ඔවුන් මෙම අනතුරට මුහුණ දී ඇත.