හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ මරණය විදුලිසැර වැදීමෙන් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූ මරණයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරුවී තිබේ.
අද (17 ) කළුතර නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේදී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වුණි.
අමාත්‍යවරයා අනතුරට ලක්වූ යටදොළවත්ත, නවුත්තුඩුව කරම්පෑතර පිහිටි ස්ථානය ඊයේ (16) කළුතර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් නිරීක්ෂණය කර තිබුණි.
කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් මෙන්ම මතුගම අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින්ද අනතුරට ලක්වූ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණයක්ද සිදු කර තිබේ.
පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව පස්වරු 3.30 ට පමණ මෘත දේහය අමාත්‍යවරයාගේ බිරිඳ වෙත භාරදීමට කටයුතු කරනු ලැබීය.

