Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අවුරුදු උත්සවයකදී කලින් පෙම්වතියත් එක්ක සූප්පුවෙන් කිරි බිව් සැමියා ගෙදරින් එළවා දමයි

3 years ago

ගමේ අවුරුදු උත්සවයේදී සූප්පුවෙන් කිරි බීමේ තරගයේදී විවාහයට පෙර ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගිය කාන්තාවක් ලවා කිරි පොවා ගත්තා යැයි පවසා කාන්තාවක සිය සැමියා නිවෙසින් එළවා දැමීමේ පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

තිස් හය හැවිරිදි වියේ පසුවන මෙම පුරුෂයා මීට වසර 11කට පමණ පෙර විවාහ වී ඇති අතර ඔවුන් දෙදෙනාට මේ වන විට දරුවන් දෙදෙනෙකුද සිටී.

මෙම විවාහයට පෙර මොහු ගමේ තරුණියක සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර ඊට මවුපියන් දැඩි අකමැත්ත ප්‍රකාශ කිරීමෙන් පසුව තරුණයා සම්බන්ධය නතර කර තිබේ.

පසුව මවුපියන් විසින් මාවනැල්ල හෙම්මාතගම ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියක සොයාගෙන 2013 වසරේදී තරුණයාට විවාහ කර දී තිබේ.

කාලයක් ගත වෙද්දී සිය සැමියාගේ පළමු සම්බන්ධතාව පිළිබඳ බිරිය දැනගෙන අවස්ථා කිහිපයකදීම දෙදෙනා අතර බහින්බස් වීම් ද සිදුව තිබේ. “දැන් ඒ සම්බන්ධතාවය නතර කරලා කොයි කාලයක් වෙනවාද? මම ඒ ගෑනි එක්ක කතා කරන්නෙත් නෑ. ඒ ගෑනි මා එක්ක කතා කරන්නෙත් නෑ” යැයි දෙදරු පියා බිරිය හමුවේ අවස්ථා කිහිපයකදීම පවසා ඇත.

පසුගියදා එම ගම්මානයේ අවුරුදු උත්සවයක් පවත්වා ඇති අතර මෙම අවුරුදු උත්සවය නැරඹීමට 36 හැවිරිදි දෙදරු පියා ද පෙරවරුවේ වෙල්යායට ගොස් ඇත.

සූප්පුවෙන් කිරි බීමේ තරගයට ඉදිරිපත් වීමට කැමැති තරගකරුවන්ගේ නම් කාර්යාලයට ලබා දෙන ලෙස ශබ්දවාහිනී යන්ත්‍රයෙන් සංවිධායක මණ්ඩලයට ඉල්ලීමක් කළේය. 36 හැවිරිදි දෙදරු පියා ද සූප්පුවෙන් කිරි බීමේ තරගයට සහභාගි වීමේ අරමුණින් තම නම කාර්යාලයට ලබා දීමක් සිදු කර තිබුණි.

36 හැවිරිදි දෙදරු පියා ඇතුළු තරගකරුවන් 12 දෙනා සංවිධායක මණ්ඩලය විසින් පෝලිමට තැබූහ. 36 හැවිරිදි දෙදරු පියා 12 වැනියාට සිටියහ.

ඔහුට සූප්පුවෙන් කිරි පෙවීමට සිටියේ තරුණ අවධියේදී ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගියේ යැයි කියන තරුණියයි. කාන්තාව දෙදරු පියා සමඟ කතාබහක් නැතිය කිරි පෙව්වාය. දෙදරු පියා ද කතාබහක් නැතිව සූප්පුවෙන් කිරි පානය කර තිබිණි. අන්තිමේදී දෙදරු පියා සූප්පුවෙන් කිරි බීමේ තරගයේ පළමු ස්ථානය හිමි කර ගත්තේය. ඔහුට ත්‍යාගයක් ලෙස උණුසුම් වතුර බෝතලයක් පිරිනැමිණි.

එම අවස්ථාවේදී අවුරුදු උත්සවයේ සිටි කාන්තාවක් දෙදරු පියාගේ බිරියට දුරකතනයෙන් කතා කොට සූප්පුවෙන් කිරි බීම සම්බන්ධයෙන් දන්වා තිබෙනවා.

අවුරුදු උත්සවය අවසන් වීමට පෙර නි‍වෙසට ගිය දෙදරු පියාට බිරය යකින්නියක් ලෙස ඇඟට කඩා පැන අඬා දොඩා වැළපෙමින් විවිධ චෝදනා එල්ල කර අවසානයේ කාන්තාව සැමියා නිවෙසින් එළවා දමා ඇති බවයි වාර්තා වන්නේ.

පසුව දෙදරු පියා මවුපියන් පදිංචිව සිටින නි‍වෙසට ගොස් තිබෙනවා.