Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මෙරට සිදුවන මරණවලට ප්‍රධානතම හේතුව හෙළි වෙයි! සියල්ලන්ටම ප්‍රවේශම් වන ලෙස දැනුම්දීමක්! දරුවන්ට විශේෂයි!

3 years ago

2010 වසරේ සිට 2020 වසර දක්වා රජයේ රෝහල්වලින් වාර්තා වූ මරණ අතරින් වැඩිම මරණ සංඛයාවකට හේතු වී ඇත්තේ හෘදයාබාධ බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙනවා.

එමෙන්ම මෑත කාලීනව සිදුවන මරණවලට ප්‍රධානතම හේතුව හෘදයාබාධ බවයි එම අංශ පෙන්වා දෙන්නේ.

ශාරීරික ක්‍රියාශීලිභාවය අඩුවීම, දුම්කොළ, මත්පැන් භාවිතය, අහිතකර ආහාර සහ මානසික ආතතිය වැනි කරුණු හේතුවෙන් හෘදයාබාධ ඇතිවීමේ අවධානම ඉහළ ගොස් ඇති බව එම අංශ පෙන්වා දෙනවා.

එමෙන්ම ජංගම දුරකථන හා පරිගණක භාවිතයට වැඩි වශයෙන් යොමුවීම හේතුවෙන් ළමුන්ට මෙන්ම වැඩිහිටියන්ටද සිරුරට අවශ්‍ය ව්‍යායාම නොලැබෙන බවත් මෙම තාක්ෂණික යෙදවුම් නිසා ඔවුන් ක්‍රියාශීලි දිවි පෙවතෙන් ඉවත් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග අධ්‍යක්ෂ කාර්යාලයේ, විශේෂඥ වෛද්‍ය ශෙරීල් බාලසිංහම් මහත්මිය පවසනවා.
“හෘදයට ලේ සපයන රුධිර නාලවල ඇති වන හානියක් නිසා මෙම රෝගී තත්ත්වය ඇති වෙනවා. ඔයාලා අහලා ඇති හාට් ඇටෑක් එහෙම නැත්නම් හෘදයාබාධය කියලා අපි කියන්නේ මෙවැනි රෝගී තත්ත්වයක්. බෝ නොවන රෝග වැළදීමට විශේෂ අවධානම් සාධක කිහිපයක්ම තියෙනවා. පළවෙනි එක තමා සෞඛ්‍යයට අහිතකර අධික වශයෙන් සීනි, ලුණු හා තෙල් භාවිතය. ඊළඟ එක දෙවනුවට ශාරීරික ක්‍රියාශීලිත්වය අඩුවීම. ඒ වගේම දුම්කොළ හා මත්පැන් භාවිතය සහ මානසික ආතතිය මෙම සාධක අතර වෙනවා.”

“ළමයි එක තැනක ඉන්න කාලය වැඩිවෙනවා. ඒ වගේම ඔන්ලයින් කොම්පියුටර් ගේම්ස්වලට ඇබ්බැහිවෙලා ඉන්නවා. ගෙවල්වල ඉන්න වැඩිහිටි ගෘහණියන් වුණත් රූපවාහිනිය හැමතිස්සේම බල බල ඉන්නවා පැය ගාණක් එක දිගට වාඩිවෙලා. ඒ වගේම වයස් සීමාවක් නැතුව ජංගම දුරකථනයට ඇබ්බැහිවෙලා ඉන්න එක ලොකු ඛේදවාචකයක්. අපි හැකි සෑම වේලාවකම ඇවිදින්න පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම ගෙවත්තේ වැඩ වගේම සෙල්ලම් කිරීමත් වැදගත් වෙනවා.”