Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනප්‍රිය රංගන ශිල්පිනී පියුමි හංසමාලිට ලොකු ලෙඩක් වැටෙයි! කෝටි ගණනක් වටිනා හිටපු ජනපති ගෝඨාගේ රේන්ජ් රෝවය රථය ගැනීම ගැන පරීක්ෂණයක් ඉල්ලයි!

3 years ago

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිත කළ රේන්ජ් රෝවර් රථය නිරූපිකාවක් සහ රංගන ශිල්පිණියක් වන පියුමි හංසමාලි භාවිත කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් මගේ රට සංවිධානයේ සභාපති සංජය මහවත්ත ඊයේ (17) නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

මැතිවරණයක් අත ළඟ බැවින් දේශපාලඥයන් විසින් තමන් ඉතිරි කර ගත් කළු සල්ලි සියල්ල ඉදිරි මැතිවරණ ව්‍යාපාරවලට එන්නත් කිරීමට නැඹුරු වන බවත්, මුදල් විශුද්ධිකරණයේ යෙදෙන පුද්ගලයන්ට එය හොඳ කාලයක් වී ඇති බවත් ඔහු පවසනවා.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කරමින් ඔහු පවසා සිටින්නේ රංගන ක්ෂේත්‍රයේ සැලකිය යුතු රගපෑමක් නොකරන රූපලාවන්‍ය ක්‍රීම් වර්ග පමණක් අලෙවි කරන පියුමි හංස මාලි වැනි කාන්තාවක හිටපු ජනාධිපතිවරයා භාවිත කළ කෝටි දහයක් පමණ වටිනා ජීප් රථයක් ඇය සතු කර ගැනීම ගැටලු සහගත බවයි.

මේ පිළිබඳව ඉක්මනින් විමර්ශනයක් කොට සත්‍ය රටට හෙළි කර ගැනීමට අවස්ථාව ලබා දෙන්නයි සංජය මහවත්ත නීති විරෝධී වත්කම් ඒකකයට කළ මෙම පැමිණිල්ලෙන් ඉල්ලා සිටියි.