විදුලි සැර වැදීමෙන් මිය ගිය හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ මරණය මේ වන විට සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය කිරීමට සමත් වී තිබෙනවා.
හිටපු ඇමැතිවරයා විසින් සිය අවසන් කටයුතු කලකට පෙර සූදානම් කර තිබුණ බවයි වාර්තා වන්නේ.
ඊට අදාළ වීඩියෝවක්ද මේ දිනවල වේගයෙන් සමාජ ජාල තුළ සංසරණය වේ.
සිය සොහොන් බිම ඉදිකර, තමාගේ දෙණ ඔසවාගෙන එන්නන්ට ගෙවීම් පවා සූදානම් කර ඇති බව කියැවුණා. කෙසේ වෙතත් ඔහුගේ අවසන් කැමැත්ත වී තිබුණේ තම මෘත දේහය පිළිබඳ අවසන් කටයුතු පැය 24ක් ඇතුළත ඉටු කරන ලෙසයි.
නමුත් පවුලේ සාමාජිකයෙක් සඳහන් කළේ කණගාටුවෙන් වුවද පැය 24ක් ඇතුළත අවසන් කටයුතු සිදු කරන ලෙස ඔහු කළ ඉල්ලීම ඉවත දැමීමට සිදුවන බවයි.

