ඊශ්‍රායලය, ඉරානයට පහර දුන් බව වාර්තා වීමෙන් පසු සංරක්ෂිත මුදල්, රන් සහ බොරතෙල් මිල ඉහළට ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ආසියානු කොටස් සහ බැඳුම්කර අගය පහළ ගිය බවයි.
සිකුරාදා උදෑසන ආසියානු වෙළෙඳපොළෙහි බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 90ක් දක්වා 3%කින් වැඩිවූ අතර රන් මිල අවුන්සයක මිල දැක්වුණේ ඩොලර් 2,400ක් ලෙස ටයි.
එම නව මිල මෑතකදී වාර්තා වූ වැඩිම මිල ලෙස දැක්වෙයි.
එසේම ජපානයේ, හොං කොං සහ දකුණු කොරියාවේ කොටස් වෙළෙඳපොළ කඩා වැටී ඇති බව සඳහන් ය.

