Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දසදහස් ගණනකගේ සෝ සුසුම් මැද පාලිත තෙවරප්පෙරුම අවසන් ගමන් යයි! ජනප්‍රිය ගායක රවී රොයිස්ටර් ඔහුගේ අවසන් ඉල්ලීම ඉටු කරයි!

3 years ago

පස්දුන්කෝරලේ හිත හොඳ දඩබ්බරයා, අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (19) පස්වරුවේ සිදුකෙරුණි.

මහා ජන ගඟක සෝ සුසම් මැද ඔහුගේ අවසන් කටයුතු සිදුකෙරුණේ ඔහු ජීවත්ව සිටියදී ඔහු විසින්ම තනාගනු ලැබූ සුසාන භූමියේදීය.

එමෙන්ම ඔහු මිය ගිය දිනෙක ගායනා කරන ලෙස ඉල්ලමින් නව ගීතයක්ද නිර්මාණය කර තිබුණි. ඒ නව පරපුරේ ගායන ශිල්පී රවී රොයිස්ටර්ගේ ‘හමාර බණවර’ ගීතයට පද කීපයක් එක් කරමිනි.

ඔහුගේ එම ඉල්ලීම ඉටු කරමින් රවී රොයිස්ටර් විසින් නව පද සහිතව එම ගීතය නැවත ගායනා කර ඔහුගේ අවසන් කැමැත්ත ඉටු කර තිබුණි.