ඉන්දියාවේ සරණාගත කඳවුරක දිවි ගෙවූ ශ්‍රී ලාංකික කාන්තාවක් ඉන්දීය මහමැතිවරණය සඳහා සිය ඡන්දය ප්‍රකාශ කර ඇත.
ඒ අනුව ඉන්දීය මැතිවරණයක් සඳහා ඡන්දය භාවිත කළ ශ්‍රී ලාංකික සරණාගතයින්ගේ පළමු වැනියා බවට 38 හැවිරිදි කේ.නාලනී පත්වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
1986 වසරේ අප්‍රේල් මස ඉන්දියාවේ, තමිල්නාඩු මණ්ඩපම් හිදී කේ.නාලනී උපත ලබා ඇත.
ඇයගේ මව්පියන් ශ්‍රී ලංකාවේ සිට සරණාගතයින් ලෙස තමිල්නාඩුවට පැමිණ සිටි ඉන්දීය සම්භවයක් සහිත පුද්ගලයන් වන අතර නාලිනීගේ පවුලේ පරම්පරා කිහිපයක් වතුකරයේ රැකියා කිරීම සඳහා මීට පෙර ශ්‍රී ලංකාවට සංක්‍රමණය වී තිබුණි.
එම සරණාගත කඳවුරේ රැදී සිටින පිරිසෙන් 1950 සිට 1987 දක්වා කාලය අතරතුර උපත ලැබූ පිරිස සඳහා
ඡන්දය භාවිත කිරීම වෙනුවෙන් අයඳුම් කිරිමේ අවස්ථාව ලබාදීමට ඉන්දීය රජය තීරණ කර තිබුණි.
නමුත් ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා තිබී ඇත්තේ නාලිනී විසින් පමණි.
ඒ අනුව 38 හැවිරිදි නාලිනී ඉන්දීය මැතිවරණයක් සඳහා ඡන්දය භාවිත කළ ශ්‍රී ලාංකික සරණාගතයින්ගේ පළමු වැනියා බවට පත්වූ අතර නාලීන ඊයේ සිය පළමු ඡන්දය භාවිත කිරීම තිරුචි දිස්ත්‍රික්කයේ කොට්ටපත්තු කඳවුරේ ශාන්ත ලූර්ඩ්ස් ප්‍රාථමික පාසලේදී සිදුකළාය.

