Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ගැන නිවේදනයක්

3 years ago

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් 70% ක් පමණ නිවෙස්වල ආරක්ෂිතව සේවය කරන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා.

ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ගෙන් 15% ක් පමණ කෘෂිකර්ම වැඩබිම්වල සේවය කරන අතර ඉතිරි පිරිස ඉදිකිරීම් හා වෙනත් අංශවල සේවයේ නිරතව සිටිනවා.

තානාපතිවරයා පවසා ඇත්තේ ඊශ්‍රායලයේ උතුරු කලාපයේ ලෙබනන් මායිම හරහා විටින් විට ෂෙල් ප්‍රහාර වාර්තා වුව ද , ඒ කලාපයේ සිටි ලක්ෂ එකහමාරකට වැඩි පිරිස එම කලාපයෙන් වෙනත් ස්ථානවලට තාවකාලිකව යොමුකර ඇති බවයි.

ඒ අනුව, ඒ අතර සිටි ශ්‍රී ලාංකිකයන්ද නව ස්ථානවලට ගොස් ඇති බව නිමල් බණ්ඩාර මහතා පෙන්වා දෙනවා.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට සිටින ලාංකිකයන් පිළිබඳව නිරන්තරයෙන් විමසිලිමත් බවවත් ඒ අනුව ශ්‍රී ලාංකිකයින් පිළිබඳව ගැටලුවක් ඇති නොවන බව තානාපතිවරයා තහවුරු කර තිබෙනවා.

කෙසේවෙතත්, පවතින තත්ත්වය මත ගැටලුකාරී පසුබිමකට මුහුණ දෙන පුද්ගලයින් ඇත්නම් තානාපති කාර්යාලය සම්බන්ධ කර ගන්නා ලෙසද ඔහු දැනුම් දෙනවා.