Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කිසිඳු කායික සබඳතාවක් නොමැතිව 13 හැවිරිදි පාසල් සිසුවියක් ගැබ් ගනී! වෛද්‍යවරුන්ද පුදුමයට පත්වෙයි!

3 years ago

කායික සබඳතාවයක් නොමැතිව අවුරුදු 13ක් පමණ වයසැති දැරියක් ගැබ්ගැනීමේ සිද්ධියක් වාර්තා වනවා.

මේ පිළිබඳව පිළිබඳව වෛද්‍යවරු සහ හෙට්ටිපොළ පොලිසිය විසින් ඊයේ (19) විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙම දැරිය දින කීපයක් තිස්සේ බඩ රිදෙන බව පැවසීම නිසා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහිදී සිදු කළ වෛද්‍ය පරීක්ෂණයේදී ඇයට මාස දෙකක දරු ගැබක් පිහිටා ඇති බව අනාවරණය වී තිබෙනවා.

මෙම සිද්ධිය පිළිබඳව දැරියගෙන් ප්‍රශ්න කර ඇතත් ඇය මේ පිළිබඳව කිසිදු තොරතුරක් සඳහන් කර නැත.

ඇයගේ මව්පියෝද දැරියගේ නිර්දෝෂි බව පොලිසියට පුන පුනා පවසා තිබේ.

දැරිය කුලියාපිටිය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර ඇය කායික වශයෙන් එක්වීමක ලකුණු නැතැයි එහිදී අනාවරණය කරගෙන ඇත.