Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් දැනුම්දීමක්

3 years ago

යුරෝපා ගමනාන්ත සඳහා ගුවන් ගමන් මාර්ග මේ වන විට වෙනස් කරමින් පවතින බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කරනවා.

ඊශ්‍රායලය සහ ඉරානය අතර මේ වන විට පවතින තත්ත්වය හේතුවෙන් ආරක්‍ෂක පියවරක් ලෙස එම ගුවන් මාර්ග වෙනස් කිරීමට සිදු වන බවයි ඔවුන් නිවේදනය කරන්නේ.

ඒ අනුව යුරෝපයට පියාසර කරන වේලාවන් දීර්ඝ කර ඇති බව සඳහන් වේ.

ගුවන් මාර්ග වෙනස් කිරීම හේතුවෙන් ගුවන් යානා සඳහා අමතර ඉන්ධන අවශ්‍ය වන අතර එයට පිළියමක් ලෙස ගුවන් යානයේ රැගෙන යා හැකි බර ප්‍රමාණය අඩු කිරීමට තීරණය කර ඇත.

එමෙන්ම ඇතැම් ගුවන් ගමන් ආරම්භ කරන වේලාවන්ද සංශෝධනය කර තිබෙනවා.

කාල වේලාවන් වෙනස් කිරීමෙන් අපහසුතාවන්ට පත්වන මගීන්ට විකල්ප ගුවන් යානා සහ නවාතැන් පහසුකම් සැපයීමට කටයුතු කරන බව ශ්‍රී ලංකන් ගුවන් බළධාරීන් වැඩිදුරටත් සඳහන් කළේය.