Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

C2යි S1ට කොතලාවලින් වෛද්‍ය උපාධියක්! අය කරන මුදල හා අවශ්‍ය සුදුසුකම් මෙන්න!

3 years ago

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, සිවිල් අයදුම් කරුවන්ට වෛද්‍යවේදී සහ ශල්‍යවේදී (MBBS) උපාධිය සඳහා අයදුම් කිරීමට මැයි මස 05 වැනිදා දක්වා අවස්ථාව හිමි වන බවයි.

2022 වර්ෂයේ ජීව විද්‍යා විෂය ධාරාව යටතේ අ.පො.ස (උපෙළ) විභාගයෙන් ජීව විද්‍යාව, රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව යන විෂයන් සඳහා අවම වශයෙන් සම්මාන සාමාර්ථ්‍යය (C) දෙකක් හා සාමාන්‍ය සාමාර්ථ්‍යය (S) එකක් ලබා ගෙන විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම ලබා තිබීම, මෙම උපාධිය සඳහා තෝරාගැනීමේ නිර්ණායක අතර වෙනවා.

වෛද්‍යවේදී සහ ශල්‍යවේදී (MBBS) උපාධිය සඳහා අයදුම් කිරීම සඳහා සලකා බැලෙන සුදුසුකම් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නිල ෆේස් බුක් පිටුවෙහි සඳහන් කර තිබෙනවා.

මීට පෙර දේශීය සිසුන් සඳහා ත්‍රිවිධ හමුදාවට හෝ පොලීසියට කැඩෙට් නිලධාරියෙකු ලෙස බැඳීමෙන් පමණක් සහ විදේශීය සුදුසුකම් ලත් සිසුන් සඳහා මුදල් ගෙවීමේ පදනම මත පමණක් එම විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය හැදෑරීමේ අවස්ථාව ලබා දී තිබුණා.

එම අවස්ථාව තවදුරටත් පුළුල් කරමින් 2024 අධ්‍යයන වර්ෂයේ සිට පහත සුදුසුකම් සපුරා ඇති දේශීය අයදුම් කරුවන්ද මුදල් ගෙවීමේ පදනම මත වෛද්‍ය උපාධි පාඨමාලාව සඳහා බඳවා ගැනීමට රජය සැලසුම් කර තිබෙනවා.

ඒ පිළිබඳව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ෆේස්බුක් පිටුවේ පළ කළ දැන්වීම පහතින්.