Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දියතලාව අනතුරින් මිය ගිය පිරිස තවත් ඉහළට! කුඩා දැරියකුත් ඒ අතර!

3 years ago

දියතලාව මෝටර් රථ ධාවන තරගාවලිය අතර සිදුවූ බිහිසුණු අනතුරින් මියගිය සංඛ්‍යාව 7ක් දක්වා ඉහළගොස් තිබේ.

පොලීසිය පවසන්නේ මෙම අනතුරත් සමග පැවැත්වීමට නියමිතව තිබූ ඉතිරි සියලු ධාවන තරග මේ වනවිට අත්හිටුවා ඇති බවය.

අනතුරින් තුවාල ලබා පුද්ගලයින් 20 දෙනෙකු නේවාසිකව රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

අනතුරින් මියගිය 7 දෙනා අතර 8 හැවිරිදි පමණ දැරියක් ද වන බව පොලීසිය පවසයි.

එමෙන්ම ධාවන තරගයේ සහයකවරුන් 4 දෙනෙකු ද අනතුරින් මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.