ඇල්පිටිය – අවිත්තාව මාර්ගයේ කැටපල පල්ලිය ආසන්නයේදී එකම පවුලේ 5 දෙනෙකු ගමන් ගත් ත්රිරෝදරථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මාරාන්තික අනතුරක් සිදුවුණා.
ඇල්පිටිය දෙස සිට අවිත්තාව දෙසට යමින් තිබූ ත්රීරෝද රථය අවිත්තාව දෙස සිට ඇල්පිටිය දෙසට ධාවනය වෙමින් තිබූ කැන්ටර් ලොරි රථයේ මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවූයේ ඊයේ (20) සවස 2.00ට පමණයි.
එම අනතුරින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 68ක් වන තිදරු පියෙක් සහ ඔහුගේ මිණිපිරිය සහ මුණුපුරායි.
එම දරුවන් දෙදෙනා අවුරුදු 07 සහ අවුරුදු 10යන වයස්වල පසුවන අය බවයි වාර්තා වෙන්නේ.
අනතුර සිදුවන අවස්ථාවේ ත්රීරෝද රථයේ රියදුරු සමග තවත් පස් දෙනෙක් ගමන්කර ඇති අතර ලොරි රථයේ මගීන් අටදෙනෙකු ගමන් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

