Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අධිකරණයේදී බලා ගන්නම්! තමන්ට එරෙහි වූ පොලිසියට ඇමති විජේදාස රාජපක්ෂ කියයි!

3 years ago

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වය විසින්, ඊයේ දිනයේ දී, එම පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පත්කරනු ලැබීය.

ඒ, පක්ෂයේ නිල සභාපතිවරයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සභාපති ධූරය අධිකරණය මගින් තාවකාලිකව අත්හිටුවා තිබෙන පසුබිමක යි.

ඒ අනුව, වැඩ බලන සභාපති දූරයට පත් වූ අධිකරණ අමාත්‍යවරයා, මෛත්‍රී පිලේ අනෙකුත් පක්ෂ නිළධාරීන් සමඟ ඩාර්ලි පාරේ පිහිටා තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානයට ඇතුළු වීමට පැමිණියේ ය.

නමුත්, පොලිසිය අධිකරණ අමාත්‍යවරයාට පක්ෂ ගොඩනැගිල්ලට ඇතුළු වීමට ඉඩ ලබා දුන්නේ නැත.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී තිබෙන පැමිණිල්ලකට අනුව,එම ගොඩනැගිල්ල තුළ විමර්ශනයක් සිදු කිරීමට ඇති බැවින්, කිසිවෙකුට ඊට ඇතුළු වීමට ඉඩ දිය නොහැකි බව පවසමිනි.

එම මොහොතේ පක්ෂ මූලස්ථානයෙන් පිටත සිට මාධ්‍ය වේදීන් ඇමතූ අධිකරණ අමාත්‍යවරයා, පොලීසියේ නියෝගය අනීතික බවත්, තමන් ඇතුළු පිරිසට පක්ෂ මූලස්ථානයට ඇතුළු වීම වැළැක්වූ පොලිස් නිළධාරීන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් පැවසීය.