Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පවතින අධික උණුසුම් කාලගුණය නිමා වන දිනය පිළිබඳව දැනුම්දීමක්

3 years ago

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් අද සවස් කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සවස් කාලයේ වැසි සහිත කාලගුණයක් පැවතියද දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය, තවදුරටත් අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇති බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.

එමෙන්ම, දිවයිනට බලපා ඇති අධික උණුසුම් තත්වය නිරිත දිග මෝසම සක්‍රිය වීමත් සමඟ පහව යනු ඇති බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

ඒ අනුව මැයි මස මුල් සතිය තුළදී උණුසුම පහව යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේ වෙතත් බස්නාහිර පළාතට මේ වනවිට බලපා ඇති වැසි තත්වය ඉදිරි දින කිහිපයේදීත් අපේක්ෂා කළ හැකියි.