දියතලාව නරියාකන්ද , “ෆොක්ස්හිල්” මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟය ඊයේ (21) පැවති අතර මෝටර් රථ ධාවන තරගයක් පැවැත්වෙන අතරවාරයේදී එක් මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැනීමෙන් සිදුවූ අනතුරකින් තරඟය නරඹමින් සිටි පුද්ගලයින් හත් දෙනෙකුට දිවි අහිමි විය.
අනතුරින් තවත් පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇති බව පොලීසිය සඳහන් කළේය.
එහිදී ධාවන තරගයේ සහායකවරුන් සිව්දෙනෙකුට දිවි අහිමි වූ අතර, සෙසු සියලුදෙනා තරගය නැරඹීම සඳහා පැමිණ සිටි අයයි.
8 හැවිරිදි වැලිමඩ පදිංචිව සිටි ශිව කුමාර් දිනුෂිකා, 55 හැවිරිදි වැලිමඩ පදිංචිව සිටි මුත්තුසාමි උදයකුමාර්, සීදුවේ පදිංචිව සිටි 19 හැවිරිදි චමත් නිරෝෂන්, අරුණ ශාන්ත උපාලිගමගේ නැමති 62 හැවිරිදි මාතර පදිංචිව සිටි අයෙක්, 20 හැවිරිදි අකුරැස්සේ පදිංචි අසේන් හීනටිගල, රසික අබේනායක සහ 60 හැවිරිදි මාතර පදිංචිව සිටි ගනේෂ් ජයවර්ධන අයට මෙහිදී දිවි අහිමි වුණි.
මේ අතර අනතුරින් දිවි අහිමි වූ 32 හැවිරිදි රසික අබේනායක ශ්‍රී ලංකා යුද හමුදා රගර් කණ්ඩායමේ සාමාජිකයෙකි.
අනතුරින් ජීවිතක්ෂයට පත්වූ පිරිසෙන් තිදෙනෙකුම මාතර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් තිදෙනාම මාතර රාහුල විද්‍යාලයේ ආදිශිෂ්‍යන් වීමද විශේෂත්වයකි.
ඒ අතර මෙවර උසස් පෙළ විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ප්‍රතිඵල අපෙක්ෂාවෙන් සිටි අයෙක්ද වේ.
මේ අතර, අදාළ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෝටර් රථ රියදුරන් දෙදෙනා අප්‍රේල් මස 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
අනතුරින් ඔවුන් දෙදෙනා ද තුවාල ලබා රෝහලගත කර සිටිය දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබිණි.

