පොලිස් ස්ථානාධිපතිවරු 260ක පමණ පිරිසකට ස්ථාන මාරු ලබා දීමට නියමිතව ඇති බව වාර්තා වනවා.
එම තීරණය මාසයක් ඇතුළත ක්‍රියාත්මක කිරීමට නියමිත බවද වාර්තා වෙනවා.
එමෙන්ම වසර තුනකට අධික කාලයක් එකම පොලිස් ස්ථානයක සේවය කරන පොලිස් ස්ථානාධිපතිවරුන් හා අපරාධ සහ මත්ද්‍රව්‍ය පාලනයට අකාර්යක්ෂම බවට හඳුනාගත් පිරිසටද මේ යටතේ ස්ථාන මාරු ලබාදීමට නියමිත බව වාර්තා වනවා.
තම පදිංචි ලිපිනයේ හෝ ඊට ආසන්න පොලිසියක ස්ථානාධිපති ධුරය දරණ පොලිස් ස්ථානාධිපතිවරුන්ටද මෙම මාරුවීම් ලැබෙන බවයි වාර්තා වන්නේ.

