Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනාධිපති මාධ්‍ය අංශයෙන් පාසල් සිසුන්ට හා දෙමාපියන්ට සහතිකයක්

3 years ago

පාසල් සිසුන් සඳහා බෙදා දීමට සැලසුම්කර තිබු වේයන්ගොඩ ප්‍රදේශයේ පිහිටි රජයේ ආහාර ගබඩාවේ ගබඩාකර තිබු සහල් තොග නියමිත ප්‍රමිතියෙන් තොර බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය සිදු කළ ප්‍රකාශය පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශයෙන් පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ඇමුණුම් වාර්තා ඉදිරිපත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ පසුගිය මාර්තු මස 19 වැනි දින ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉන්දික වන්නිනායක විසින් ආහාර වැඩසටහනේ සහභාගිත්වය සඳහා වූ හවුල්කාරිත්ව ලේකම් කාර්යාලය වෙත ලිපියක් යොමු කරමින් මේ බව ප්‍රකාශ කළ බවයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ලබා ගන්නා ලද පරිප්පු සහල් සාම්පල්වලට අදාලව විශ්ලේෂණ වාර්තා ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තා අනුව ගුල්ලන් සහිත සහ අවර්ණ බවට සඳහන් සහල් සහ පරිප්පු තොග හැර ඉතිරි තොග මනුශ්‍ය පරිභෝජනය සුදුසු බවත් නිර්දේශ කර තිබුණා.

එමෙන්ම මෙකී සහල් තොග තුල කල් ඉකුත්වීමේ දිනයන් සහිත බැවින් එදිනට පෙර පරිභෝජනය සඳහා සුදුසු බව නිර්දේශ කරන බවත් අදාල වෛද්‍යවරයා විසින් ලිපියක් යොමුකරමින් පවසා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයද නිවේදනයක් නිකුත් කරමින් අදාල ඇමුනුම් වාර්තා සියල්ල සමග පැහැදිලි කිරීමක් කර තිබෙනවා.

ඒ අනුව කිසිඳු ලෙසකින් පරිභෝජනයට නුසුදුසු සහල් හෝ ධාන්‍ය නිකුත් නොකරන බවට එමගින් සහතික වී තිබෙනවා.