වවුනියාව රෝහලේ ගැබිණි වාට්ටුවට ඇතුළත් කර සිටි ගැබිනි මවක් නාන කාමරය තුළ ලිස්සා වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තීබ්නවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මැදවච්චිය ප්‍රදේශයේ 34 හැවිරිදි මවකි.
ඇය ඊයේ (22) රෝහලේ නාන කාමරයේදී ලිස්සා වැටී මෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
මව ඇඳවැටීමෙන් අනතුරුව වහාම ක්‍රියාත්මක වුණු වෛද්‍යවරුන් මවව ශල්‍යාගාරයට රැගෙන ගොස් සැත්කමක් සිදුකර ඇයගේ කුස තුළ සිටි දරුවා බේරා ගැනීමට කටයුතු කර තිබෙනවා.
කෙසේනමුත් මවගෙන් අධික ලෙස රුධිරය වහනය වීම නිසා බිළිඳා ද කුසේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.


