ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි හෙට (24) සිදුකරන ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසනවා.
කොළඹට මෙන්ම තෝරාගත් ප්‍රදේශ කිහිපයකටම මෙලෙස දැඩි ආරක්ෂාවක් යොදා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හෙට (24) විවෘත කිරීමටට නියමිතය.
ශ්‍රී ලංකාව සහ ඉරානය විසින් අරමුදල් සපයන ලද උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 120ක විදුලිය උත්පාදනයක් එක් කිරීමට නියමිතයි.

