Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලංකාවේ සිට ඉන්දියාවට පිහිනමින් සිටි අයෙක් ජීවිතක්ෂයට පත්වෙයි

3 years ago

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි බලා පිහිනමින් සිටි පුද්ගලයෙකු හෘදයාබාධයකින් මියගොස් තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බැංගලෝර්හි ජීවත් වූ 78 හැවිරිදි ගෝපාල් රාඕ නැමැත්තෙකි.

ඔහු ඇතුළු 31 දෙනෙකුගෙන් යුත් ඉන්දීය පිහිණුම් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සිට පෝක් සමුද්‍ර සන්ධිය හරහා ඉන්දියාව බලා පිහිනා යාම සඳහා පසුගියදා (22) රාමේෂ්වරම් සිට බෝට්ටුවකින් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

එම පිරිස ඊයේ (23) අලුයම 12.10ට පමණ තලෙයිමන්නාරමේ සිට ධනුෂ්කොඩි දෙසට පිහිනා යාම ආරම්භ කර ඇත.

රාඕ මුහුදේ පිහිනීම සම්බන්ධයෙන් හසල අත්දැකීම් ඇති තැනැත්තෙක් බවයි පැවසෙන්නේ.

ඔහු 31 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ තෙවැන්නා ලෙස කටයුතු කරන තිබෙනවා.

කෙසේ වෙතත් පැය තුනකට ආසන්න කාලයක් පිහිනා යමින් සිටියදී, අළුයම 3.10ට පමණ රාඕ තමන්ට පපුවේ වේදනාවක් ඇති වූ බව දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ඔහු වහාම ඔවුන් ලංකාව පැමිණි බෝට්ටුවෙන්ම වෛද්‍යවරයෙකු ලගට ගෙන ගොස් ඇති අතර, එහිදී ඔහු මියගොස් ඇති බවට වෛද්‍යවරයා තහවුරු කර තිබෙනවා.