කෝටි 15.000ක පමණ වටිනා කමකින් යුත් මැණික් ගලක් බදුල්ලේන් සොයාගෙන තිබෙනවා.
එය කිලෝග්‍රෑම් 802 ක් පමණ බරකින් යුතු බවයි වාර්තා වන්නේ.
එය ලස්සන ගල්තලාවක් වන අතර නවීකරණය කරන ලද කොරන්ඩම් ස්ඵටිකයකි.
ස්ඵටිකයේ ෂඩාස්රාකාර ද්වි-පිරමිඩීය ස්වරූපය සහිත මෙම නිදර්ශකය ස්වාභාවික පාරභාසක සිට විනිවිද නොපෙනෙන නිල් පැහැති කොරන්ඩම් ස්ඵටික වලින් සමන්විත වේ.
මෙය ලෝක සම්පත් වල කොරන්ඩම් පවුලේ විශාලතම නිල් පැහැති කොරන්ඩම් එකකි.
විවිධ මැණික් නිපදවන රටවල කොරන්ඩම් විශේෂවල මැණික් වර්ග සහ ස්ඵටික වර්ග බොහොමයක් දක්නට ලැබෙන අතර නමුත් මෙවැනි විශාලත්වයකින් යුත් ස්වභාවිකව ඇති වන කොරන්ඩම් ස්ඵටික පොකුරු වෙනත් තැන්වල වාර්තා වී නොමැති බවද වාර්තා වනවා.(සුපුන් මධුෂංක )
