Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රජයේ නිළධාරීන් පිරිසක් 29 වනදා දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

3 years ago

රජය මඟින් ග්‍රාමීය මට්ටමේ ක්‍රියාත්මක කරන සියළුම වැඩසටහන්වලට සක්‍රීයව දායකත්වය ලබා දෙන තමන්ගේ වෘත්තීය ගැටළුවලට විසඳුම් ලබා නොදීම හේතුවෙන් ආර්ථික සංවර්ධන නිලධාරීන් මෙම මස 29වැනිදා අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණ වීමට තීරණය කළ බව සමස්ත ලංකා ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ සභාපති නීතීඥ අනුරාධ සෙනවිරත්න මහතා පවසනවා.

ඔවුන් පවසන්නේ 2013 වසරේ සිට රජය මඟින් ග්‍රාමීය මට්ටමේ ක්‍රියාත්මක කරන ග්‍රාමීය සංවර්ධන වැඩසටහන්, සමාජ සුභසාධන වැඩසටහන්, හදිසි ආපදා වැඩසටහන්, සංගණන, සමීක්‍ෂණ ආදී සියළුම වැඩසටහන්වලට දායකත්වය ලබා දෙන 14,000කට අධික ආර්ථික සංවර්ධන නිලධාරීන්වව දීර්ඝකාලීනව පීඩාවට පත් කර තිබෙන බවයි.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ, එම ක්‍රියාමාර්ගය තුලිනුත් විසඳුම් නොලැබෙන්නේ නම් දැනට ක්‍රියාත්මක වන දිස්ත්‍රික් විමධ්‍යගත වැඩසටහන්වලින් හා කඳුකර දශකය නමින් ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහනෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වීමට තීරණය කර තිබෙන බවයි.

ඒ අනුව පහත ඉල්ලීම් මූලික කරගනිමින් සංකේත වැඩවර්ජනයක නිරත වන බවයි එම නිළධාරීන් පවසන්නේ.

  1. ආර්ථික සංවර්ධන නිලධාරීන්ට පරිපාලන වියදම් සඳහා කරනු ලබන වෙන් කිරීමෙන් 1/3 ක් ලබා දීම,
  2. ස්ථීර ගමන් වියදම් දීමනාවක් ලබා දීම,
  3. ස්ථීර ලිපිද්‍රව්‍ය දීමනාවක් ලබා දීම
  4. ආර්ථික සංවර්ධන නිලධාරීන්‍ගේ අවම කාර්යාල දීමනාව රු. 3000/ දක්වා වැඩි කිරීම