කොළඹ කොටුව සහ ඒ අවට ප්‍රදේශවල දැඩි රථවාහන තදබදයක් හට ගෙන තිබෙනවා.
ඉරාන ජනපතිගේ පැමිණීම හේතුවෙන් මාර්ග කිහිපයක් වසා තැබීම නිසා මෙසේ රථවාහන තදබදයක් ඇති වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් ලෝටස් පාර, බැංකු මාවත, කොල්ලුපිටිය දක්වා වූ ගාලු පාර පස්වරුවේ ඉතා කෙටි වේලාවන් සඳහා විටින් විට සම්පූර්ණයෙන් වසා දැමූ අතර නැවත රාත්‍රී 9.30 පසුව කොටුව සිට කොල්ලුපිටිය දක්වා ගාලු පාරද ධර්මපාල මාවත, ග්‍රීන්පාත්, හෝටන් පෙදෙස හරහා බේස්ලයින් මාර්ගයද බොරැල්ල, දෙමටගොඩ, ඔරුගොඩවත්ත දෙස සිට අධිවේගි මාර්ගය දක්වාත් අධිවේගි මාර්ගයේ පෑලියගොඩ සිට කටුනායක දක්වාත් ඉරාන ජනාධිපතිවරයා ගමන් කරන කාලසීමාව තුළ සම්පූර්ණයෙන් වසා තැබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

