මාන්කුලම් වසන්තනගර් හන්දියේදී මාන්කුලම් දෙස සිට කිළිනොච්චිය දෙසට ධාවනය වූ ලොරි රථයක් ඊට ඉදිරියෙන් ගමන් ගත් යුද හමුදා සෙබලුන් රැගත් කැබ් රථයක ගැටී අද(26) අලුයම් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් කැබ් රථයේ පිටුපස ගමන් කළ හමුදා සෙබලෙක් රථයෙන් විසි වී ගොස් පිටුපසින් පැමිණි ලොරියේ ගැටී බරපතල තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කරන විටත් ජීවිතක්ෂයට පත්ව තිබුණා.
තුවාල ලැබූ තවත් සෙබළුන් 09 දෙනෙකු ප්‍රතිකාර සඳහා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇත.
මියගොස් ඇත්තේ 39 හැවිරිදි යුද හමුදා 07 වන සේවා බළකායට අනුයුක්ත මුරුක්කණ්ඩි කඳවුරේ සැරයන්වරයෙකි.

