කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 04.35ට මහනුවර බලා ධාවනය වූ දුම්රිය,කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ වේදිකාවට පැමිණීමේ දී, දුම්රිය නැවැත්වීමට ප්‍රථම එම දුම්රියට ගොඩවීමට උත්සාහ කළ කාන්තාවන් දෙදෙනෙකු අනතුරකට ලක්ව ඇත.
දුම්රිය නැවැත්වීමට ප්‍රථම එම දුම්රියට ගොඩවීමට උත්සාහ කිරීම හේතුවෙන් අදාළ අනතුර සිදුවී ඇති බව සඳහන්.
මේ හේතුවෙන් කාන්තාවන් දෙදෙනාම තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
ඉන් එක් කාන්තාවකගේ තත්ත්වය බරපතල වන බවද වාර්තා වනවා.

