ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගොඩබිම් පාලමක් ස්ථාපිත කිරීම සඳහා ඒකාබද්ධ වැඩකටයුතු ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා පවසා ඇත.
ඔහු ඒ බව පවසා ඇත්තේ, කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සමූහය විසින් සංවිධාන කරන ලද “රාමායණ මංපෙත – පූජනීය මෙහෙවර” ව්‍යාපෘතියේ නිල එළිදැක්වීමේ උත්සවයේදීය.
එම ගොඩබිම් පාලම දෙරට අතර සංචාරක ප්‍රවර්ධනයට ඉවහල් වන බව ද ඔහු පෙනවා දී ඇත.
දෙරට අතර ගොඩබිම් පාලම වර්තමාන තත්වයන් වෙනස් කරන්නකු වනු ඇති අතර, මෙම සම්බන්ධතාවයේ පෙළගැස්ම ඔස්සේ රටවල් දෙකට බොහෝ ප්‍රතිලාභ ගෙනදෙන බවත්, සංචාරක, ව්‍යාපාර පහසු කිරීම සහ දෙරටේම ප්‍රජාවට වඩාත් ආකර්ෂණීය වනු ඇතැයි ද ඔහු පෙන්වාදී තිබේ.

