තායිවානයේ, හුවාලියන් ප්‍රදේශයේ මෙරට වේලාවෙන් අද (27) අළුයම භූමිකම්පාවක් ඇතිව තිබෙනවා.
මෙය රික්ටර් පරිමාණ 6.1ක අගයක් ගෙන ඇත.
එය තායිපේ අගනුවරටද දැනී ඇති බව සඳහන්.
කෙසේ වෙතත් ඉන් සිදු වූ හානි මෙතෙක් වාර්තා වී නොමැති බවයි එරට බළධාරීන් පවසන්නේ.
පුද්ගලයන් 17 දෙනෙකුට මරු කැඳවමින් මෙම මස මුලදී Hualien ප්‍රාන්තයේ ඇති වූ රික්ටර් පරිමාණ 7.2ක භූමිකම්පාවෙන් පසු මේ දක්වා භූකම්පන 1,000කට අධික සංඛ්‍යාවක් තායිවානයේදී සිඳුව තිබෙනවා.

