Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තම ව්‍යාපාරවලට වූ පාඩු පියවගන්න බැසිල්ගෙන්, මහින්දගෙන් හා ගෝඨාගෙන් වන්දි ඉල්ලා නඩු පැවරීමට සැරසෙන ව්‍යාපාරිකයා

3 years ago

2019 – 2022 අතර කාලයේ ආර්ථිකය නොමනා ලෙස කළමණාකාරණය කිරීම හේතුවෙන් සිය ව්‍යාපාරික කටයුතු සදහා එය ඉතා අහිතකර ලෙස බලපෑ බව කියමින් ව්‍යාපාරිකයෙකු විසින් එම යුගයේ රට පාලනය කළ ගෝඨාභය රාජපක්ෂ, එවකට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, එවකට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, එවකට මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් මණ්ඩලයෙන්, රුපියල් ලක්ෂ පන්සියයක වන්දි ඉල්ලා තිබේ.

සති දෙකක් තුළ අදාල වන්දි මුදල ලබා නොදෙන්නේ නම්, වන්දි ලබා ගැනීම සදහා නඩුමගට යන බව, කාලිංග සිල්වා නමැති එකී ව්‍යාපාරිකයා සිය නීතීඥයන් මාර්ගයෙන් දැනුම් දී තිබේ.

ආනයනයට අදාල ව්‍යාපාරයක නිරතව සිට ඇති අදාල ව්‍යාපාරිකයාගේ ව්‍යාපාර කටයුතු, රුපියල අවප්‍රමාණ වීම, ආනයන තහනම් කිරීම සහ දිනපතා සිදු වූ විදුලි කප්පාදුව හේතුවෙන් බිදු වැටුණු බව අදාල ව්‍යාපාරිකයා යෝජනා කරයි.

ඒ සදහා පෙර සදහන් කළ පාර්ශ්වය වගකිව යුතු යැයි පවසන අදාල ව්‍යාපාරිකයා, රට බංකොලොත් කිරීම සම්බන්ධයෙන් ඉහත ඛණ්ඩායම වගකිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර තීන්දු කර තිබෙන බවද පවසයි.(source – headlinenews)