Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනාධිපති කාරයාලයෙන් විශේෂ නිවේදනයක්

3 years ago

ඇතැම් පුද්ගලයන් ආයෝජකයින්, රැකියා අපේක්ෂකයින් සහ වීසා අයදුම්කරුවන් නොමග යවමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ තනතුරු ඉල්ලා ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කර වංචනික ලෙස මුදල් ලබා ගන්නා බවට තොරතුරු වාර්තා වෙන බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසනවා.

එහිදී 0715308032 යන අංකයෙන් ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රසාද් සෙනරත් අමතා එවැනි පුද්ගලයන්ගේ අනන්‍යතාව තහවුරු කර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවයි ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.