Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලිස් පැමිණිලි දාන්න පොලිසියට ගිය යුගය නිමයි! පොලිස් පැමිණිලි ඉදිරිපත් කරන නවතම ක්‍රමවේදය මෙන්න!

3 years ago

ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ මහජන පැමිණිලි පොලිසියට ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා පොලිසිය සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව පැමිණිල්ල සිදු කරන පුද්ගලයා සිටින ස්ථානයට එසැණින්ම පොලිස් කණ්ඩායම් යවා පැමිණිල්ල විභාග කිරීමටයි නව ක්‍රමවේදය ඔස්සේ සැලසුම් කර තිබෙන්නේ.

මේ අනුව නව ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව මහජනතාවට මුල් පැමිණිල්ල කිරීමට පොලිසියට යාමට අවශ්‍ය නොවන්නේය.

පොලිස් වෙබ් අඩවිය ඔස්සේ “පොලිස්පතිට කියන්න” (TELL IGP )යනුවෙන් පැමිණිලි කරන්නට තිබූ ආකාරයට මෙම පැමිණිල්ල කළ හැකි අතර පැමිණිල්ල කළ සැණින් අදාළ පොලිස් ස්ථානය මෙන්ම ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරි, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යන නිලධාරීන්ට අන්තර්ජාලය ඔස්සේම පැමිණිල්ලේ පිටපතක් යැවෙන ක්‍රමවේදයක් මෙහිදී සකස් කර තිබෙනවා.

මෙම වැඩසටහන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මකය.

මෙම නව ක්‍රමවේදය නියමු ව්‍යාපෘතිය කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන 22ක් කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට සූදානම් කර ඇත.

ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක පොලිසි මෙවැනි ක්‍රමවේද මේ වනවිටත් හඳුන්වා දී ඇත.