Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහින්දට වසරක සේවා දිගුවක් ලබා දෙයි

3 years ago

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ මහින්ද සිරිවර්ධනට වසරක සේවා දිගුවක් ලබා දී තිබෙනවා.

ඔහු ඉකුත් සිකුරාදා(26) දිනයේ විශ්‍රාම ගැනීමට නියමිතව සිටියා.

ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවට අනුයුක්තවයි සේවය කරනු ලැබුවේ.

ඒ අනුව මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස කටයුතු කළ සිරිවර්ධනට භාණ්ඩාගාර ලේකම්, මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් ලෙස තවත් වසරක සේවා දිගුවක් ලැබී තිබෙනවා.

එම සේවා දිගුව ඉකුත් 26 වැනි දා සිට ක්‍රියාත්මක කෙරෙනු ඇති.