Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මාධ්‍යවේදී අසාම් අමීන්ට වන්දි ගෙවන ලෙස ලොව ප්‍රමුඛතම මාධ්‍ය ආයතනයක් වන BBC ආයතනයට අධිකරණ නියෝගයක්

3 years ago

බීබීසී ආයතනය වෙනුවෙන් සේවය කළ මෙරට ඉදිරි පෙළේ ජනමාධ්‍යවේදියකු වන අසාම් අමීන්ගේ සේවා කොන්ත්‍රාත්තුව නියමිත කාලයට පෙර අවසන් කිරීමට එරෙහිව කම්කරු අධිකරණය මගින් තීන්දුවක් ලබා දී තිබේ.

එම තීන්දුව ලබා දෙමින් කම්කරු අධිකරණය පවසා ඇත්තේ අසාම් අමීන්ගේ කොන්ත්‍රාත්තුව අවසන් කිරීම අසාධාරණ මෙන්ම යුක්ති සහගත නොවන බවයි.

එමෙන්ම මාධ්‍යවේදී අසාම් අමීන් වෙත වන්දි ගෙවන ලෙසද BBC ආයතනය වෙත නියෝග කර ඇත.

මීට අදාළ වාචික තීන්දුව පසුගිය සිකුරාදා විනිසුරුවරයා විසින් ලබා දෙන ලදි.

සම්පූර්ණ තීන්දුව ඉදිරි සතියේදී ලබාදීමට නියමිතය.

අසාම් අමීන් සහ රන්ජන් රාමනායක අතර සිදු වූ දුරකථන සංවාදයක හඬපටයක් මාධ්‍යයට නිකුත් වීම හේතුවෙන් අසාම් අමීන්ගේ කොන්ත්‍රාත්තුව නියමිත කාලයට පෙර අවසන් කිරීමට BBC ආයතනය කටයුතු කළේය.