Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උපාධිධාරී ගුරුවරුන් බඳවාගැනීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

3 years ago

ජාතික පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග‍්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද (29) දිනයේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ජාතික පාසල්හි පවතින ගුරු පුරප්පාඩු සඳහා පසුගිය මස 02 දා පැවැති ලද තරග විභාගයේ ප‍්‍රතිඵල අනුව බඳවා ගැනිමේ කටයුතු සිදුකිරීමට නියමිත බව සඳහන්ය.

ඒ අනුව ඔවුන් ශ‍්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (අ) ශ්‍රේණියට බඳවා ගැනීමට නියමිතය.

අදාළ සම්මුඛ පරීක්ෂණ ලබන මැයි මස 09 වන දා දක්වා ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.