Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

jagath manuwarna - ජගත් මනුවර්ණ

වෙඩි තැබීමේ දර්ශනයක් රූගත කිරීම් අතරතුරදී ජනප්‍රිය රංගන ශිල්පී ජගත් මනුවර්ණට අනතුරක්! මනුවර්ණව වහාම ප්‍රතිකාර සඳහා යොමු කරයි!

3 years ago

රූගත කිරීමක් අතරතුරදී සිදුවූ වෙඩි තැබීමේ දර්ශනයකදී රංගන ශිල්පී ජගත් මනුවර්ණ අනතුරකට ලක්ව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ මේ දිනවල රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානයේ රූගත කරමින් පවතින චමින්ද ජයසූරියගේ ‘ෆාදර්’ සිනමාපටයේ රූගතකිරීම් අතරතුරයි.

ඊයේ (28) රූගත කරනු ලැබූ වෙඩි තැබීමේ දර්ශනයකදී වැරදීමකින් එහි රංගනයේ යෙදෙන ජගත් මනුවර්ණ අනතුරකට ලක් වූ බවයි වාර්තා වන්නේ.

ඊයේ රාත්‍රියේම ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ පිටත් කර එවා තිබෙන අතර නමුත් ඔහුගේ තත්වය බරපතල නොවන බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවීමෙන් ඔහු සුළු තුවාල පමණක් ලබා ඇති බවයි ආරංචිමාර්ග පවසන්නේ.

රූගත කිරීම් අතරතුරදී වෙඩි පිපිරවීම් සිදුකළ ශිල්පියා අතින් සිදු වූ අතපසුවීමකින් ඔහු මෙලෙස තුවාල ලබා තිබෙනවා.