Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හොර අරක්කු හොරෙන් ගැසූ තුනක් යළි නොයෙන ගමන් යයි! චූන් පාන් ක්‍රමයට කසිප්පු බෙදා හැරලා!

3 years ago

කළුතර – වරකාගොඩ, පහළ කරන්නාගොඩ ප්‍රදේශයේ වයස අවුරුදු 43ත් 68ත් අතර පුද්ගලයින් තිදෙනකු හදිසියේ ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ නීති විරෝධී මත්පැන් පානය කිරීම හේතුවෙන් මෙම පිරිස රෝගී වූ බවයි.

මීට අමතරව එම ප්‍රදේශයේ තවත් පුද්ගලයින් සිව් දෙනකු මේ වන විටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවද ඔවුන් පවසනවා.

මියගිය පුද්ගලයන් තිදෙනාගෙන් එක් අයකු නිවසේදීම මරණයට පත්ව තිබූ අතර තවත් අයකු රෝහල්ට රැගෙන යමින් සිටියදී මරණයට පත්ව තිබූ අතර ඉතිරි පුද්ගලයා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔවුන්ගේ ඥාතීන් පවසන්නේ මොවුන් තිදෙනාට ඇස් නොපෙනී යාම, වමනය වැනි රෝග ලක්ෂණ පැවති බවයි.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ යතුරුපැදියකින් පැමිණෙන පිරිසක් එම ප්‍රදේශයේ මත්පැන් අලෙවි කිරීම සිදු කරන බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වරකාගොඩ පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.