සියලු රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ඉදිරියේදී අතරමැදි ශ්‍රේණි සඳහා ක්‍රීඩා කුසලතා පදනම් කරගෙන සිසුන් ඇතුළත් කිරීම සිදු නොකරන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
ඉදිරියේ දී අදාළ වක්‍ර ලේඛයේ සඳහන් උපදෙස් පමණක් සැලකිල්ලට ගෙන අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරන බවයි එහි දැක්වෙන්නේ.
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට අවශ්‍ය උපදෙස් නිකුත් කර ඇති බවද සඳහන්.


