Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අමෙරිකාවට සුළි කුණාටුවක්

3 years ago

අමෙරිකාවට බලපා ඇති සුළි කුණාටු තත්ත්වයක් හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබෙනවා.

ව්දෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ආපදාවෙන් මියගිය පිරිස අතර මාස 04ක බිලිදෙකුද සිටින බවයි. එමෙන්ම තුවාල ලැබූ පිරිස 100ක් පමණ වන බවත් එම වාර්තා පෙන්වා දෙනවා.

මෙම සුළි කුණාටුවෙන් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ ඔක්ලහෝමා ප්‍රාන්තයටයි. පවතින තත්ත්වය හමුවේ ප්‍රදේශ රැසකට හදිසි තත්ත්වයක්ද ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

සුළි කුණාටු තත්ත්වයත් සමඟ ඇතැම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක්ද හටගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

ඔක්ලහෝමා ආණ්ඩුකාවරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශකර සිටියේ සිය ධූර කාලය තුළ සිදුවූ දරුණුතම විනාශය මෙය බවයි.