Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් සිසුන්

මෙරට අධ්‍යාපනයේ පෙරළිකාර වෙනසක්! සියලුම සිසුන්ට අගනා අවස්ථාවක්!

3 years ago

මෙවර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා පාසල්වල උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

එහිදී ඔහු සඳහන් කළේ සාමාන්‍ය පෙළ විභායය මැයි 7 වැනිදා පටන් ගෙන 20 වැනිදායින් අවසන් වන අතර එය අවසන් වූ වහාම ජුනි මාසයේ මුල් සතියේ දී උසස් පෙළ පන්ති ආරම්භ කරන බවයි.

ඒ අනුව විභාග සියල්ල නියම කාලයට පැවැත්වීමට හැකියාව ලැබෙන බවත් එහිදී දරුවන්ට විශාල කාලයක් බලා නොසිට විශ්ව විද්‍යාල සඳහා ප්‍රවේශ වීමට හැකියාව ලැබෙන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

කොවිඩ් ව්‍යසන සමයේ පාසල් වසා තැබීම නිසා අතපසු වූ අධ්‍යයන කටයුතු මේ ඔස්සේ යථා තත්ත්වයට පත් කළ හැකි වනු ඇති බවයි එම අවස්ථාවට එක් වූ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

එහි දී වැඩිදුරටත් අදහස් පළ කරමින් ඒ මහතා කියා සිටියේ, මෙම අභියෝගාත්මක කාර්යය සිදු කිරීම සඳහා ගුරුභවතුන්ගේ ද දැඩි කැපවීමක් අවශ්‍ය බවයි.

ඒ සඳහා මේ වන විටත් උසස් පෙළ විද්‍යා, ගණිත, තාක්ෂණවේදය හා විදේශ භාෂා විෂය ධාරා ඉගැන්වීමට අලු‍තෙන් ගුරුවරුන් 3000ක් බඳවා ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළා.

ලෝකයේ අන් රටවල් සමඟ සැසදීමේදී මෙරට සිසුන්ට විශ්වවිද්‍යාල සඳහා ප්‍රවේශවීමට ගතවන කාලය දීර්ඝ වීම වසර ගණනාවක සිට පැවති ගැටලුවකි.

මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම මගින් එම කාලසීමාව මාස කිහිපයකින් කෙටි කර ගැනීම සඳහා අවස්ථාව හිමිවනු ඇත.