රත්තොට, වැල්ගාලයාය ප්‍රදේශයේ නිවසකට ඊයේ(29) සවස් කාලයේදී ඇති වූ වර්ෂාව සමඟ අකුණු සැර වැදී තිබේ.
එම අනතුරින් එකම පවුලේ සහෝදරයෙකු හා සහෝදරියක ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ දොළොස් හැවිරිදි දැරියක හා විසිතුන් හැවිරිදි ඇයගේම සහෝදරයායි.
ඔවුන්ගේ මෘත ශරීර රත්තොට රෝහලේ තැන්පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
රත්තොට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

