Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් විශ්‍රාම ගැනීමට සැරසෙයි

3 years ago

අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පාප් වහන්සේ වෙත ලිපියක් යොමු කරමින් තමන් මෙම තනතුරින් විශ්‍රාම ගැනීමට සූදානම් බව දන්වා තිබෙනවා.

වයස අවුරුදු හැත්තෑ පහ සම්පූර්ණ වීම හේතුවෙන් උන්වහන්සේ මෙලෙස සිය ධූරයෙන් විශ්‍රාම යාමට සූදානම් බව ප්‍රතිකානුවට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අගරදගුරු මාධ්‍ය ප්‍රකාශක ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රියතුමන් සඳහන් කළේ වයස අවුරුදු හැත්තෑව සම්පූර්ණ වීමෙන් පසු රද ගුරුවරුන් විශ්‍රාම යාම කතෝලික පල්ලියේ සම්ප්‍රදාය වන බවයි.

මේ අතර අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් විශ්‍රාම යාමට ඉල්ලා සිටියද කොළඹ පදවියේ පියතුමන්ලා ගණනාවක් උන්වහන්සේට එම ධූරයෙන් විශ්‍රාම නොගන්නා ලෙස එල්ලීම් කර ඇති බවයි ජූඞ් ක්‍රිෂාන්ත පියතුමන් වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේවෙතත් කාදිනල් හිමිපාණන්ගේ ධූර කාලය තවදුරටත් දීර්ඝ කරනවද නැද්ද යන තීරණය මේවට රැඳී පවතින්නේ පාප් වහන්සේගේ තීරණය මතයි. (source – liveat8)