හෙට දිනයේ පැවැත්වීමට නියමිත මැයි රැලි වෙනුවෙන් දේශපාලන පක්ෂ විසින් ශ්රී ලංකා ගමනා ගමන මණ්ඩලයෙන් බස් රථ 1500ක් ඉල්ලා ඇති බව වාර්තා වනවා.
නමුත් ඊයේ පස්වරුව වන විටත් මුදල් ගෙවා ඇත්තේ බස් රථ දෙසීයකට පමණක් වන බව එම මණ්ඩලයේ ආරංචි මාර්ග පවසනවා.
එක්සත් ජාතික පක්ෂය, ශ්රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, ලංකා කම්කරු කොංග්රසය යන පක්ෂ වැඩි වශයෙන් බස් රථ ඉල්ලා තිබෙන බවයි වාර්තා වන්නේ.
ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය සතුව ධාවනයයේ නියුතු බස් රථ 4700ක් පමණ පවතින අතර ඉන් බස් රථ 1500ක්ම හෙට දිනය සඳහා දේශපාලන පක්ෂ විසින් වෙන් කර තිබෙනවා.
මෙම බස් රථ ලබා ගැනීමේදී රජයේ චක්රලේඛවලට අනුකූලව නියමිත ගාස්තු ගෙවිය යුතුයි.

