Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මැයි රැලිවල ගීත ගායනයට ඉන්දියාවේ ප්‍රසිද්ධ ගායක ගායිකාවන් පිරිසක් මෙරටට පැමිණෙයි

3 years ago

එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කර පවත්වනු ලබන ජාතික මැයි රැළියට සමගාමීව සංවිධානය කර ඇති සංගීත ප්‍රසංගයේ ගීත ගායනා කිරීම සදහා ඉන්දියාවේ සිට ගායක ගායිකාවන් පිරිසක් අද (30) දහවල් දිවයිනට පැමිණියේය.

විජේ බාලක්‍රිශ්ණන්, රම්‍යා නාගර්කෝවිල්, ඩැනියෙල් ජෙයරාම් සහ රෙෂ්මා සුන්දරම් එසේ පැමිණි ගායන ශිල්පීන් පිරිස වූහ.

අද දහවල් දිවයිනට පැමිණි මෙම පිරිස ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරිනියන් විසින් පිළිගැනීම සිදු කළහ.

මෙම සංගීත ප්‍රසංගය කොළඹ මාළිගාවත්ත පී.ඩී.සිරිසේන ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතය.

හෙට (01) ද තවත් ඉන්දීය සංගීත ශිල්පීන් වන ධර්මර් සත්‍ය ප්‍රකාශ් සහ නුරානි වර්ෂා ද මෙම ප්‍රසංගයේ ගීත ගායනා කිරීම සදහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.