Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අත්‍යවශ්‍ය කටයුත්තක් නොමැතිව අද 11න් පස්සේ කොළඹට එන්න එපා! පොලිසිය මහජනතාවට දැනුම්දෙයි!

3 years ago

කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් හෙට දවස පුරා මැයි දින සැමරුම් රැළි පැවැත්වෙන නිසා අද (මැයි 01) පෙරවරු 11.00න් පසු අත්‍යවශ්‍ය කටයුත්තකට හැරෙන්න කොළඹ නගරයට නොපැමිණෙන ලෙස ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන මැයි දිනයට සූදානම්වීම හේතුවෙන් ඊයේ (30) දිනයේදී කොළඹ නගරයේ ස්ථාන රැසක දැඩි රථ වාහන තදබදයක් පැවතුණි.

අද විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන අතර, මැයි දිනයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 6,000කට අධික පිරිසක් සේවයේ යොදවා තිබෙනවා.

මේ පිළිබද ඊයේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී කොළඹ නාගරික රථවාහන පොලීසියේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාර මහතා පවසා සිටියේ, මැයි 01 දින පෙරවරු 11න් පසු තමන්ට අත්‍යවශ්‍ය කටයුත්තක් නැත්නම්, කොළඹ මාර්ගයකට ප්‍රවේශ නොවී සිටීම ඉතාම සුදුසු දෙයක් බවයි.